Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2012/09/04

යකින්නී

        ඔයාගේ සතුරෙක් ඔයාට දෙන නියෝග පිළිපදින්ඩ ඔයා කැමතිද? නෑ නේද? එහෙනං මොන එකකටද ඔය කාලි යක්ෂණියට බිලි පූජා තියන්නේ? දැං කියයිද දන්නෑ කාලි කියන්නේ සතුරෙක් නෙමේ මිතුරෙක් කියලා ඒ වුණාට ඒක පළිගන්ඩ බෑනේ. මොකද කාලි කියන්නේ කොයි වෙලාවෙත් බිල්ලක් ඉල්ලන යකින්නක්. ඒකි කෙලින්ම ඉල්ලන්නේ මිනිස් බිල්ලක්. මෙතන තියෙන රූප ටික බලන්ඩකෝ.



        ඒ හැම එකකම එල්ලගෙන ඉන්නේ මිනිස් ඔලු. එහෙනං ඒකෙන් තේරෙන්නේ මේ යකින්නට ඕනේ කරන්නේ මිනිස් බිල්ලක්ම කියලා. හැබැයි අවුරුද්දකට සැරයක් කියලා මුන්නේෂ්වරම් කෝවිලේ බිලි පූජා තියන්ඩ යන්නේ සත්තු මරලා. මිනිස් බිල්ලක් ඉල්ලන යකින්නිට සත්තු දහස්ගානක් ගෙනත් දාලා මරලා බිලි පූජා තියන එක හරිද? අන්තර්ජාලයේ තැනක තිබුණා එක පාලකයෙක් කිවුවලු මේ යකින්නට ඕනේ කරන්නේ බිල්ලක්නං පූජකයාගේ පවුලේ අයව එතන ඉන්න පූජකයන්ව බිල්ලට තියන්ඩ කියලා. ඇත්තනේ. මනුස්ස බිල්ලක් ඉල්ලන මේ යකින්නිට ඒ විදියේ බිල්ලක් දුන්නනං වැඩේ ලේසියිනේ. මෙහෙම බිලි තියලා මරණ සත්තුන්ට ඇත්තටම වෙන්නේ මොකද්ද? මේ මස් ටික කන්නේ ඒ යකින්නිමද? නෑනේ. එහෙනං ඒ මරණ සත්තුංගේ මස් ටික අතුරුදහං වෙන්ඩ ඔනේ. ආ දැං කියයිද දන්නෑ සත්තුංගේ ආත්මයයි ඔය යකින්නි ඉල්ලන්නේ. කියලා එහෙනං ඒ වගේ දරුණ තැනකට එහෙම සත්තුංව යවන එක හොද නෑ කියලා අමුතුවෙන් තේරුම් කරන්ඩ ඔනේ නෑනේ.සත්තුන්ට දුක දෙන විදිය බලාගන්ඩ ඔ්නේනං මෙතනින් ඇතුලු වෙනඩ

සත්තු ඛේරගන්ඩ අපේ හාමුදුරුවරුන්ගේ උත්සාහය
"මගේ එකම අධිෂ්ඨානය මේ අහිංසක සත්තු මරන්න නියමවුණු , වෙනුවෙන් ගිනිතියාගෙන මැරෙන්න.මම ඒක අධිෂ්ඨානයෙන් යුතුව බොහොම අවධාරණයෙන් කියන්නේ.සතුන්ගේ ජිවිත ටික බේරාගැනීමේ පරමාර්ථයෙන් මම මගේ මුළු ශරීරයටම පෙට්‍රල් හලාගෙන මුළු මහත් ජාතියට දැනෙන්න මම මගේ ජීවිතය පුජා කරනවා ".
 
        ඕකට ඒ අහල පහල පොලිසිවල කට්ටියගෙන් සහය ලැබෙනවා කියලත් ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ පොලිසියේ ඉහල කට්ටියට මෙතනිං මස්ටික හම්බවෙනවා ඇති. ඒ හින්දා ඒ පැත්තේ පොලිසිවලිං මේ සත්ව ඝාතනයට කිසිම බාධාවක් නෑ කියලා තමයි කියන්නේ. 
        ඔය බහුබූත කාලි පූජාව අපිට ආවේ ඉන්දියාවෙන්. මේ වෙනකොට ඉන්දියාවෙත් ඒක තහනම් කරලා ඉවරයි. එහෙව් ‍එකේ අපි විතරක් මොකටද ඔය යකින්නකට බයේ ඉන්නේ. ඇත්තටම ඔය යකින්නිට අපි බය වෙන්ඩ ඕනෙද? මමනං දකින්නේ ඔය යකින්නි අපිට බයයි. හැබැයි එතන ඉනන පූජකයෝ කරන්නේ මේකිව පෙන්නලා උංගේ මඩිය තර කරගන්න එක. 
        ඔන්න බලන්ඩ මේ පාර යකින්න අපේ මහින්ද මහත්තයට බය වුණා. එතුමා කිවුවේ සර්වඥ ධාතු මෙහේ ප්රමදර්ශනය කරනකං ඔය වැඩ කරන්ඩ බෑ කියලා. ඒක කියපු ගමන් සත්ත්ව ඝාතනය කල් ගියා. ගිය අවුරුද්දේ මර්වින් මහත්තයට බය වුණා. ගිය අවුරුද්දේ අපේ මර්වින් සිල්වා මහත්තයා එතනට ගිහිල්ලා සත්තු මරණ එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. යකින්න ඉන්න තැනටම ගිහිල්ලා යකින්නට ගෙනාපු ඒ සත්තු ටික මර්වින් සිල්වා මහත්තයා ඛේර ගත්තා. හැබැයි යකින්න කරපු දෙයක් නෑ.මර්වින් මහත්තයාගේ වැඩ මෙතනින් බලන්ඩකො


        දැං ඉතිං අපි බලං ඉන්නේ මහින්ද මහත්තයත් ඒ විදියට මේ වැඩේ නවත්තයි කියලා. ඒ විදියට ම නෙමේ  සදාකාලිකවම මේ සත්ත්ව ඝාතනය නවත්තයි කියලා. 

ප.ලි.
ඔන්න දැං කාලි යකින්නත් අපේ උසාවියේ පිහිට පතලා නඩු දාලා. ඒ කියන්නේ කාලි යකින්නට වඩා අපේ උසාවිය බලවත්. මර්වින් මහත්තයත් කාලි යකින්නට විරුද්ධව නඩු දාලා. උසාවියෙන් කියලා තියෙන්නේ නඩු තීන්දුව දෙනකං සත්තු මැරීම තහනම් කියලා.
ඒ විස්තර සම්පූර්ණයෙන්ම තියෙනවා2012.09.05.ලංකාදීප පත්තරෙයි 2012.09.06 ලංකාදීප පත්තරෙයි කැමතිනං බලන්ඩ

1 comment:

  1. හික්ස් අනේ මන්දා මිත්‍යා විශ්වාස කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නකම් මේ වගේ දේවල් නවත්වන්න බැහැ.

    පෝස්ට් එක කියවන්න අමාරුයි ටෙම්ප්ලේට් බ්රෑක්ග්රවුන්ඩ් එකේ පාට නිසයි අකුරු වල පාට නිසයි.

    ReplyDelete

ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වනං ඔයාලට හිතෙන දේ අමතක වෙන්ඩ කලින් මෙතනම ලියලා දාන්ඩ.......

Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +