උස මහත තරබාරු අයට ඔන්න නියම අවස්තාව. හැමෝටම නෙමේ ඒ පැත්තේ කට්ටියට. එහෙම කිවුවට අනිත් අයටත් කැමතිනං එන්ඩ පුළුවන්. හැබැයි දැන්මම නෙමෙයි තව ටිකදවසකින්. තාම මේ පාර හදනවා පාර හැදුවට පස්සේ කට්ටියට තියෙන්නේ ඇවිල්ලා ටිකක් නිදහසේ ඇවිදල කරලා යන්ඩ තමයි. ඇගේ බර එකකට එකක් අඩුකරගන්ඩ පුළුවන් වෙයි.
දැං ඉතින් මෙ දවස්වල අහරෙ මෙහේ හැම තැනම ව්‍යායාම මංතීරු හදනවනේ. අන්න ඒ ජාතියේ මංතීරුවක් ගැන තමයි කියන්ඩ යන්නේ. මුළු ගමම ලස්සන වෙන විදියට තමයි මේ මංතීරුව හදන්ඩ පටන්ගත්තේ. ගම කොහේද දන්නවද? අර ගම්පහ පැත්තේ තියෙන්නේ උඩුගම්පොල කියලා ගමක්. අන්න එහේ තමයි මේක හදන්ඩ යන්නේ.
ඔය පැත්තේ තියෙනවා ලස්සන වෙල් යායක්. ඒක ඉස්සර කාලේ යුධ ආරක්ෂක මඩවගුරක් විදියටත් පාවිච්චි කරලා තියෙනවා. ඒ කවුද දන්නවද ඔය පැත්තේ ඉස්සර හිටියා සකලකලා වල්ලභ කියලා රජ කෙනෙක්. ඒච්චර අහල පුරුදු නමක් නෙමේ නේද?
''බලපිරිසෙන් සහ යාපාපටුන ගෙන
බල සේනා නායක සපු කුමරු එන''
මතකද කවිය? අර සැලළිහිණි සංදේශයේ තියෙන්නේ. අන්න ඒ බල සේනාවේ ලොක්කා සපුමල් කුමාරයානේ. ඊළගට හිටිය ලොක්කා තමයි මෙයා. සේනාව සංවිධානය කරලා තියෙන්නේ මේ පැත්තෙන්. හරි හරි අපි ආයෙත් පාරට යමුකෝ.
 |
රජ්ජුරුවෝ වතුරට පැනපු ගල් පඩිය දැං පෙරලිලා |
ඔය කියපු මංතීරුව හදන්නෙත් මේ කුඹුරු යාය දිගේ තමයි. පාරේ වම් පැත්තේ ඇළ දකුණු පැත්තේ වෙල. ඔය පාර ටික දුරක් යනකොට ඊළගට තියෙන්නේ පොකුණ. ඒ කාලේ රජ්ජුරුවෝ දිය නාපු පොකුණ. පහු පහු වෙනකොට මිනිස්සු ඒ පොකුණ කෑලි කෑලි ඛෙදාගෙන ඒකෙත් කුඹුරු කොටන්ඩ පටන් අරගෙන. හැබැයි මේ දවස්වල නං ඒක නිකම්ම නිකං මඩවගුරක් වෙලා ඉවරයි.
 |
කබොක් ගලෙන් බැදපු පොකුණ |
 |
බහිරව පූජාවේ කෑල්ලක් |
ඒ වුණාට මේ පාර හැදිල්ලත් එක්ක ඒ පොකුණත් ආයේ හදනවලු. මීට ඉස්සර වෙලත් දෙපාරක්ම ඔය පොකුණ හදන්ඩ කියලා පටන් ගත්තා. ඒ වුණාට ඒ වැඩසටහන් නං හරි ගියේ නෑ. බාගෙට කෙරිලා නැවතුනා දැං මේ තුන්වෙනි වතාව. මේ වතාවේ නං කට්ටිය බහිරව පූජාවක් එහෙම තියලා තමයි වැඩේ පටන් ගත්තේ. මේ රජ්ජුරුවෝ එක වැවක් හදද්දි ගෑණු හත්දෙනෙක්ද කොහෙද බිලි දෙන්ඩත් වුණා කියලා කතන්දර තියෙනවානේ. ඒ මේ පොකුණ හදද්දි නෙමේ. එයා හදපු වෙන වැවක්. මේ පොකුණත් ඒ වගේද දන්නේ නෑනේ.
 |
පොකුණේ හාරපු ළිද |
 |
ළිදේ බාල්දිය |
 |
ඉතුරු බෝතල් පොකුණට |
ඔය විදියට ගම ලස්සන කරන්ඩ පොකුණත් හදන එක හොදයි. ඒ විතරක් නෙමේ ඔය පොකුණේ කෑලි කෑලි අල්ල ගත්තා වගේ ම පොකුණ ඇතුලේ ළිං හාරගෙන වතුර ගන්න අයත් ඉන්නවා. ඒ වගේම ඔය පොකුණට තමන්ගේ වතුවල කුණු කාණූ හරවපු අයත් ඉන්නවා.හොදම වැඩේ කියන්නේ ගමේ කනත්තේ මිනී පුච්චලා ඉතුරු අලු ටික දාන්නෙත් ඔතෙන්ටම තමයි. ඒ වගේම තමයි ඔය පාර පටන්ගන්න තැනදිම පාර අයිනේ කුණු ගොඩකුත් තියෙනවා. පාර අයිනේ විතරක් නෙමේ ඒ ළගම තියෙන මාලු කඩේ, එළවලු කඩේ කුණුටික දාන්නෙත් එතන තියෙන ඇලට. ඒවා ඔක්කොම නැතිවෙලා යන්ඩත් එක්ක ඔය විදියට පාරයි පොකුණයි හැදෙන එකනං නියමයි.
 |
ගිය කන්නයේ සරුවට වැවුණු වෙල් යාය |
ඒ වුණාට ඔතන පොඩි ලෙඩකුත් තියෙනවා. ඔය විදියට පාර හදපුවහම ඒ පැත්තේ කුඹුරු වැඩ කරන කට්ටියට ඇළෙන් වතුර ගන්ඩත් බෑ. වැඩි වතුර ඇළට යවන්ඩත් බෑ. ඒ වගේම තමයි ඇළේ ගැඹුර වැඩි වුණොත් කුඹුරේ වතුර තියාගන්ඩත් බෑ. ඔක්කොම ටික පොළොව යටින් ඇළට යනවා. පොකුණේ ගැඹුර වැඩි වුණත් ඒ ලෙඩේ මතු වෙනවා. කොහොම හරි වැඩෙත් කෙරෙන්ඩ ඔ්නේ හින්දා ඒ පැත්තේ පළාත් සභාවේ ලොකු මහත්තයා (ප්‍රසන්න රණතුංග) දැං(2012.11.03 හවස 03ට) ඒ පැත්තේ ගොවි මහත්තුරුත් එක්ක කතා කරලා ඒවට විසදුම් හොයන්ඩත් ලෑස්තිය. කොහොම හරි දැං ව්‍යපෘතියේ කොටසකුත් පටන් අරං ඉවරයි. කොයි විදියෙන් හරි කොහොමද වැඩේ කෙරුණොත්.
ඇගත් හැඩයි. ගමත් හැඩයි.
රැස්වීමෙන් පස්සේ වැඩේ හරියට කෙරෙයි කියලා හිතුවට ඒකටත් ලෙඩේ වගේ.
ලොක්කා රට යයි.
රැස්වීම කල්යයි. (බාලගිරි දොෂයද?)
කොහොම හරි කමක් නැ හරි දෙයක් කෙරෙනවනං.දැන් කොළඹ නං බලන්න ලස්සන විදියට හදලා තියනවා.සැහෙන පැත්තක් ඉතිරියත් හැදුනොත් ඒක ලංකාවට ආඩම්බරයක්.
ReplyDeleteමම සමකය වටේ
(samakaya wate)දුවන එකා
ඒකනං හොදයි තමයි ඒ වුණාට මෙහෙම ලෙඩකුත් තියෙනවා
ReplyDeleteඅක්කර 5ක් විතර ලොකු පොකුණ (පුරාවිද්‍යාවට අයිති ලංකාවේ තියෙන ලොකුම පොකුණ) අක්කර 3ක් වෙනවා කොහොමද සංවර්ධනය