Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2012/12/19

අවසාන මොහොත

     අද දිනේ මතකයි නේද? 

    මම හිතන්නේ මෙක තමයි මේ ජීවිතයේ ගතකරන අන්තිම දවස. දැං ඉතින් කරන්ඩ තියෙන්නේ තමන්ගේ අන්තිම කැමැත්ත කියලා දාන එක තමයි. වෙන මොනවා කරන්ඩද? අයියෝ... ඔ්ක කිවුවයි කියලා ඇති වැඩේ මොකද්ද? කවුද ඉතින් ඔ්ක කරලා දෙන්ඩ මේ ලෝකේ ඉතුරු වෙන්නේ? මොකෙක්කවත් නෑනේ. තව ටික වෙලාවකින් ලෝක විනාසෙනේ. 

    හරි හරි ඒක හිතන්ඩ එපා. ලෝක විනාසෙනං අපි කොහේ හිටියත් ඔ්කට අහුවෙනවනේ. ඒ හින්දා මේ තියෙන අන්තිම මොහොතේ අන්තිම තත්පරේදි හරි වැදගත් දෙයක් කරගන්ඩ බලමු. මොනද අන්තිම මොහොතේ හොදට හිටියොත් ලබන ආත්මෙදි තව ටිකක් ජොලියේ ඉන්ඩ පුළුවන් වෙයිනේ. ඒ හින්දා තමන්ගේ හිතේ තියෙන කැමතිම දේ ඉටු කරගන්ඩ බලන්ඩ ඔ්නේ. 

    අද එක පාරටම මතක් වුණා මට කවුද එක්කෙනෙක් කියලා දීපු පොඩි කතන්දරයක්. මැරෙන වෙලාවේ කරපු වැඩක් ගැන. මැරෙන වෙලාවේ කරපු වැඩක් කිවුවට එයා මැරෙන වෙලාවේ කරපු දේවල් නෙමේ. ඔයාලටත් ඒ කතන්දරේ මම කියන්ඩද?  ම්ම්..... අප්පේ... ඒක කියන්ඩ බෑ. ඒක කිවුවයි කියලා ඇති වැඩේ මොකද්ද? ඔයාලට ඇහෙන්නේ නෑනේ. ඒ හින්දා ලියලා දාන්නං.  ඔන්න එහෙනං කතන්නදරේ පටන්ගත්තා. කතන්දරේ ලියලා දෙන්නං කිවුවත් ඉතින් මට ඔය කතන්දර ලියලා පුරුදුත් නෑ. ඉස්කෝලේ විභාගවලදි රචනා ප්‍රශ්නවලට උත්තර ටික ලියුවෙත් සාරංශ කරලා. ඒ හින්දා කතන්දරෙත් ඒ විදියටම කියන්නං

    ඔන්න එකමත් එක රටක එක මනුස්සයෙක් හිටියලු. ඒ මනුස්සට එක එක විදියේ භාවනා එහෙම කරලා එක එක ගණං හදලා හොයා ගත්තලු ඒ මිනිහා මැරෙන දිනෙයි වෙලාවයි. ඊට පස්සේ තමුන් මොකටද අනිත් අයට බරක් වෙන්නේ කියලා හිතලා තමන්ගේ වල තමන්ම කපාගෙන, මැරෙන්ඩ විනාඩි පහක් තියලා වලට බරහැලා හිටියලු ඔ්ක දැකපු තව මිනිහෙක් ඇහුවලු මොකද ඔය කියලා එයත් ඉතින් සිද්ධිය මොකද්ද කියලා කිවුවා එතකොට දෙවෙනි මනුස්සයාත් ගණන් හදලා බලලා කිවුවා තව විනාඩි පහකින් නෙමේ තව විනාඩි අටකින් තමයි මැරෙන්නේ කියලා. ඔය සංවාදේ ඉවර වෙද්දි ඉතිං අර මුලින් කිවුව විනාඩි 5ගෙවිලා ඉවරයි. මිනිහට තේරුණා තමන් ගණන් හදපු විදහ වැරදියි කයලා. තව විනඩි තුනයි තියෙන්නේ මේ මිනහට. ඒ වුණාට එයා ඉක්මනටම අර අනිත් මිනිහා ගාවට දුවලා ගිහිල්ල කිවුවේ අනේ මටත් අර විදියට ආයුෂ කාලය ගණන් කරන ක්‍රමය කියලා දෙන්ඩ කියලා. ඒ මිනිහටත් වැඩ නැතුවට වැඩ නේද?

   

-

-


-

-

-

    වෙලාවකට මටත් හිතෙනවා අන්තිම මොහොතේ හරි  මේ මායා කාරයින්ගෙන් අහගන්ඩ ඔය ලෝක විනාසෙට දින ගණන් කරපු විදිය. ඒත් ගාණ අහගත්තට මොකද තව පැය කීයද තියෙන්නේ නේද? ඔන්න ඔහේ වෙන දෙයක් බලාගෙන ඉන්නවා.එහෙම හොදයි නේද? මොකද විනාස වුනොත් ඔය අහගත්ත දෙයින් වැඩක් නෑනේ. ඒ වගේම තමයි විනාස වුණේ නැත්තං ඒත් අහගෙන වැඩකුත් නෑනේ. මොකද එතකොට ඒක වැරදි ගණිත ක්‍රමයක්නේ. අපි මොකටද වැරදි දේවල් ඉගෙන ගන්නේ.............

-

-

-

 

ප.ලි.

මෙන්න විශේෂ නිවේදනයක්..මෙන්න විශේෂ නිවේදනයක්.. 

     අද දින ඇතිවීමට නියමිතව තිබූ ලෝක විනාශය ලංකාවට ඇද හැලෙන අධික වර්ෂාව හා ගංවතුර තත්තවය නිසා දින නියමයකින් තොරව කල් දමන ලදී. නැවත ලෝක විනාශය පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැඛේ.

1 comment:

  1. Anonymous9:13:00 AM

    දාන්නකෝ සින්ඩිවලට මේ බ්ලොග් එක

    ReplyDelete

ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වනං ඔයාලට හිතෙන දේ අමතක වෙන්ඩ කලින් මෙතනම ලියලා දාන්ඩ.......

Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +