Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2013/12/06

කවියක් කියන්නට හිතුනා

පඩි නඩි ලෙඩලු වැඩ නෑ මුං                     හැමදාම
වැඩටික පරක්කුයි ඒකලු  ගෑනු                       නම
හිමිදිරියේම එක පුවතක්                         දැක්කාම
කවියක් කියන්නට හිතුනා                   හිටගෙනම

ඉරටත් හොරෙන් අදුරෙම එන්ජිම                        නැගිට
කැරකෙයි රෝද බැහැ නවතනු යයි                       හැටට
රියැදුරු නැතිලු එන්ජින් එක                           එලවන්ට
දැක්කෙමි ආශ්චර්යය බැහැ                             අදහන්ට

එන්ජිම බාරකරු ලොව අග තැන                       ඉන්දා
වටිනව සරසන්න කිරුළක් හිස                         පළදා
තනියම වුණත් සිග්නල් ටික වැඩ                    හින්දා 
බැරිවුණි යන්ට කවුරුත් මරුවට                     කැන්දා


2013/06/15

ඩෙංගු මදුරුවා නිසා සමනලයන්ටත් කොළඹ තහනම්.

මෙක කරන්නේ කොහොමද කියලා දැං ඔයාලා හිතනවා ඇති. ඇත්තටම මේක කරන දෙයක් නෙමේ. අපි දන්නේ නැතුව අපේ උවමනාවෙන්ම සිද්ධ වෙන දෙයක්.
ඒ මොකක්ද?
ඒක තමයි ඩෙංගු මර්ධනය.
ඒ කොහොමද ?


මෙන්න මේකයි කතන්දරේ. ලංකාවේ මෙ දවස්වල ලෙඩ දුක් ගැන කියද්දි වැඩිපුරම කතා වෙන්නේ ඩෙංගු උණ ගැන. ඩෙංගු මදුරුවා ඒ තරමටම ප්‍රසිද්ධ වෙලා. ඒ හේතුව හින්දම අපි එක එක ව්‍යාපෘති තියලා ඩෙංගු මර්ධනය කරන්ඩ හැදුවා. ඒත් ඒක හිතපු තරං ලේසි වුනේ නෑනේ. අන්තිමට ඉතුරු වෙලා තිබුණ තුරුම්පුවත් දාන්ඩ වුණා. ඒ තමයි BTI බැක්ටීරියාව.



මේකෙන් තමයි සමනලුනටත් වාරණ නියෝග දාන්නේ. ඇත්තටම මේ බැක්ටීරියාව ඉහින්නේ ඩෙංගු මදුරුවා මර්ධනය කරන්ඩ. ඒ වුණාට මේකෙන් සිද්ධ වෙන්නේ මදුරුවා නෙමෙයි මදුරු කීටයාව මර්ධනය කරන එක. අපි කියන්නේ මදුරු පණුවා කියලා. අන්න එයාලව විනාශ කරන්ඩ තමයි මෙක ඉහින්නේ.
මේ බැක්ටීරියාව කොහොමද මදුරු පණුවා විනාශ කරන්නේ? එයා යනවා මදුරු පණුවගේ බඩ ඇතුළට. ගිහිල්ලා කරන්නේ මදුරු පණුවගේ බඩවැල් ඔක්කොම කාලා දාන එක. අන්තිමට බඩේ ලෙඩේ හැදිලා මදුරු පණුවා මැරිලා යනවා .

මෙයාලගේ කෑමට තියෙන්නේ මදුරු පණුවගේ බඩවැල් විතරක් නෙමෙ. ඔ්නෙම සතෙක් කීට අවස්ථාවේ ඉන්නවානං ඒ සතාගේ බොකු බඩවැල් තමා මෙයාලගේ කෑම. අනේ ඉතිං ඒ විදියටම සමනල කීටයාගේ බොකු බඩවැලුත් රස කර කර මේ බැක්ටීරියාව ගිලලා දානවා. ඒකෙන් වෙන්නේ ඊළගට ඉපදෙන්ඩ ඉන්න සමනල්ලුත් ඔක්කොම නැතිවෙලා යන එක.


එහෙම කියලා මිනිස්සු මරාගන්ඩත් බෑනේ. ඒ හින්දා ඉතිං කරන්ඩ තියෙන්නේ පුළුවන් තරං පරිසරය පිරිසිදුව තියාගන්න එක තමයි.


2013/05/01

ඇං ඇං ඈ...............ංංංංංංංංං

    ඇං ඇං ඈ...............ංංංංංංංංං ඔන්න ඉතිං ඉදලා හිටලා ලියන මට අද ලියන්ඩ කතාවක් මගේ ඔලුවට ආවා. අද මම ලියන්ඩ යන්නේ "අපේ ගමේ අවුරුදු උත්සවය" හොදයි නේද?

    4X4 NIGAMBO කියලා සමාජේ කට්ටියත් මේකට හවුල් රේස් එකට ආපු ඔක්කොම වගේ ඒ සමාජේ සාමාජිකයො




මේකේ ප්‍රධාන අමුත්තා තමයි ප්‍රසන්න රණතුංග මහත්තයා. ඒ විතරක් නෙමේ මේකේ ප්‍රධාන සංවිධානයත් ඒ මහත්තයම තමයි. එහෙමයි කියලා ඔ්ක මේ බ්ලොගියේ ලියන්ඩ තරං ලොකු දෙයක් යෑ. නේද?  එහෙම හිතුවට මේක හොද ලොකුවට තියපු අවුරුදු උත්සවයක්. ඔය හැමතැනම තියන අවුරුදු උත්සවවල වගේ මෙකේ කණා මුට්ටි, ලිස්සන ගහ, කොට්ට පොර, බනිස් කෑම, පැදුරු විවීම වගේ සුපුරුදු සෙල්ලං ටික ඔක්කොම තිබුණා. ඒ වගේම තමයි අපේ ගමේ පළවෙනි වතාවට අවුරුදු උත්සවයක තිබුණ තරගෙකුත් තිබුණා. ඒක තමයි වාහන රේස් එක. ඔය කට්ටිය ඔ්ෆ් රෝඩ් ද මොකද්ද කියන්නේ අන්න ඒවා.





අපිටත් ඉතිං වෙන තරග මොකකටවත් යන්ඩ හිතුනේම නෑ. අපිත් ඉතිං ඒ රේස් එක බල බල හිටියා. මේ වගේ තරගයක් අපේ පැත්තේ තියනවා දැක්කේ මුල් වතාවටනේ. මම අර මීට කලිං කියලා තිබුණේ අපේ පැත්තේ පොකුණක් සංවර්ධනය කරනවා කියලා (වෙල දිගේ මග නැගේ). අන්න ඒ පොකුණේ තමයි මේ තරගේ තියන්ඩ ලෑස්ති කරලා තිබුණේ. හැබැයි ඉතිං පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝග අනුව ඒක වෙලේ තමයි තියන්ඩ වුණේ.

    සමහර ඒවා එක තැන දුවනවා. සමහර ඒවා ඔලුවෙන් හිටගන්නවා. ගස්වල ගැටගහලා අදිනවා. මරේ මරු. එරිච්චි ඒවා ගස්වල ගැගහලා අදිනකොට කම්බිය කැඩිලා ඇවිත් ඇගේ වදියි අයින් වෙන්ඩ කියලා ඒ කට්ටිය හැම වෙලාවෙම කෑ ගහනවා.ඒක තමයි මට රුස්සන්නේම නැති එක.  අපිට ඉස්සරහට ඇවිල්ලා බලන්ඩ දුන්නේම නෑ. ඒ වුණාට ඉතිං අපිත් අස්සෙං රිංග රිංග බැලුවා. අනේ මන්දා පොලිස් මාමාලායි කැමරා මාමලයි කිසි බයක් නැතුව ඒ අස්සේ රිංගන්නේ එයාලට ඒක ඇවිල්ලා වදියි කියලා බයක් තිබුණෙම නැද්ද මන්දා. කොහොම හරි ඔන්න මගේ තලබනුවේ කැමරාවට අස්සෙං අස්සෙං අහුවෙච්චි පිංතූර ටිකයි වීඩියෝ ටිකයි ඔන්න ඔයාලටත් බලන්ඩ දුන්නා............ම්................ වීඩියෝ ටි බලන්ඩනං googl+ එකෙන් එන්ඩ අමතක කරන්ඩ එපා. එහෙනං......   බුදු සරණයි..........




Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +