ඒ මොකක්ද?
ඒක තමයි ඩෙංගු මර්ධනය.
ඒ කොහොමද ?
මෙන්න මේකයි කතන්දරේ. ලංකාවේ මෙ දවස්වල ලෙඩ දුක් ගැන කියද්දි වැඩිපුරම කතා වෙන්නේ ඩෙංගු උණ ගැන. ඩෙංගු මදුරුවා ඒ තරමටම ප්‍රසිද්ධ වෙලා. ඒ හේතුව හින්දම අපි එක එක ව්‍යාපෘති තියලා ඩෙංගු මර්ධනය කරන්ඩ හැදුවා. ඒත් ඒක හිතපු තරං ලේසි වුනේ නෑනේ. අන්තිමට ඉතුරු වෙලා තිබුණ තුරුම්පුවත් දාන්ඩ වුණා. ඒ තමයි BTI බැක්ටීරියාව.
මේකෙන් තමයි සමනලුනටත් වාරණ නියෝග දාන්නේ. ඇත්තටම මේ බැක්ටීරියාව ඉහින්නේ ඩෙංගු මදුරුවා මර්ධනය කරන්ඩ. ඒ වුණාට මේකෙන් සිද්ධ වෙන්නේ මදුරුවා නෙමෙයි මදුරු කීටයාව මර්ධනය කරන එක. අපි කියන්නේ මදුරු පණුවා කියලා. අන්න එයාලව විනාශ කරන්ඩ තමයි මෙක ඉහින්නේ.
මේ බැක්ටීරියාව කොහොමද මදුරු පණුවා විනාශ කරන්නේ? එයා යනවා මදුරු පණුවගේ බඩ ඇතුළට. ගිහිල්ලා කරන්නේ මදුරු පණුවගේ බඩවැල් ඔක්කොම කාලා දාන එක. අන්තිමට බඩේ ලෙඩේ හැදිලා මදුරු පණුවා මැරිලා යනවා .
මෙයාලගේ කෑමට තියෙන්නේ මදුරු පණුවගේ බඩවැල් විතරක් නෙමෙ. ඔ්නෙම සතෙක් කීට අවස්ථාවේ ඉන්නවානං ඒ සතාගේ බොකු බඩවැල් තමා මෙයාලගේ කෑම. අනේ ඉතිං ඒ විදියටම සමනල කීටයාගේ බොකු බඩවැලුත් රස කර කර මේ බැක්ටීරියාව ගිලලා දානවා. ඒකෙන් වෙන්නේ ඊළගට ඉපදෙන්ඩ ඉන්න සමනල්ලුත් ඔක්කොම නැතිවෙලා යන එක.
එහෙම කියලා මිනිස්සු මරාගන්ඩත් බෑනේ. ඒ හින්දා ඉතිං කරන්ඩ තියෙන්නේ පුළුවන් තරං පරිසරය පිරිසිදුව තියාගන්න එක තමයි.
ohomama ara NARAKA SAMANALAYO tikath ayin karala danawanam hodayi
ReplyDeleteහ්ම්.. බී.ටී.අයි. බැක්ටීරියාවේ ක්‍රියාකාරිත්වය ගැන අදනෙ හරියටම දැනගත්තෙ. ගොඩක් ස්තූතියි හරිත.
ReplyDeleteහරිත, ඇදයක් කුදයක් කියනව කියල හිතන්නෙපා, ඒත් පසුබිමේ තියෙන කටු කම්බි වැට ඇස්වලට ලොකු අවහිරයක් ලිපි කියවන්න.
ඔයාට දීප්තිමත් බ්ලොග් අනාගතයකට සුබ පතනවා.
Great and that i have a swell provide: How To Become A House Renovation whole home renovation cost
ReplyDelete