Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2013/05/01

ඇං ඇං ඈ...............ංංංංංංංංං

    ඇං ඇං ඈ...............ංංංංංංංංං ඔන්න ඉතිං ඉදලා හිටලා ලියන මට අද ලියන්ඩ කතාවක් මගේ ඔලුවට ආවා. අද මම ලියන්ඩ යන්නේ "අපේ ගමේ අවුරුදු උත්සවය" හොදයි නේද?

    4X4 NIGAMBO කියලා සමාජේ කට්ටියත් මේකට හවුල් රේස් එකට ආපු ඔක්කොම වගේ ඒ සමාජේ සාමාජිකයො




මේකේ ප්‍රධාන අමුත්තා තමයි ප්‍රසන්න රණතුංග මහත්තයා. ඒ විතරක් නෙමේ මේකේ ප්‍රධාන සංවිධානයත් ඒ මහත්තයම තමයි. එහෙමයි කියලා ඔ්ක මේ බ්ලොගියේ ලියන්ඩ තරං ලොකු දෙයක් යෑ. නේද?  එහෙම හිතුවට මේක හොද ලොකුවට තියපු අවුරුදු උත්සවයක්. ඔය හැමතැනම තියන අවුරුදු උත්සවවල වගේ මෙකේ කණා මුට්ටි, ලිස්සන ගහ, කොට්ට පොර, බනිස් කෑම, පැදුරු විවීම වගේ සුපුරුදු සෙල්ලං ටික ඔක්කොම තිබුණා. ඒ වගේම තමයි අපේ ගමේ පළවෙනි වතාවට අවුරුදු උත්සවයක තිබුණ තරගෙකුත් තිබුණා. ඒක තමයි වාහන රේස් එක. ඔය කට්ටිය ඔ්ෆ් රෝඩ් ද මොකද්ද කියන්නේ අන්න ඒවා.





අපිටත් ඉතිං වෙන තරග මොකකටවත් යන්ඩ හිතුනේම නෑ. අපිත් ඉතිං ඒ රේස් එක බල බල හිටියා. මේ වගේ තරගයක් අපේ පැත්තේ තියනවා දැක්කේ මුල් වතාවටනේ. මම අර මීට කලිං කියලා තිබුණේ අපේ පැත්තේ පොකුණක් සංවර්ධනය කරනවා කියලා (වෙල දිගේ මග නැගේ). අන්න ඒ පොකුණේ තමයි මේ තරගේ තියන්ඩ ලෑස්ති කරලා තිබුණේ. හැබැයි ඉතිං පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝග අනුව ඒක වෙලේ තමයි තියන්ඩ වුණේ.

    සමහර ඒවා එක තැන දුවනවා. සමහර ඒවා ඔලුවෙන් හිටගන්නවා. ගස්වල ගැටගහලා අදිනවා. මරේ මරු. එරිච්චි ඒවා ගස්වල ගැගහලා අදිනකොට කම්බිය කැඩිලා ඇවිත් ඇගේ වදියි අයින් වෙන්ඩ කියලා ඒ කට්ටිය හැම වෙලාවෙම කෑ ගහනවා.ඒක තමයි මට රුස්සන්නේම නැති එක.  අපිට ඉස්සරහට ඇවිල්ලා බලන්ඩ දුන්නේම නෑ. ඒ වුණාට ඉතිං අපිත් අස්සෙං රිංග රිංග බැලුවා. අනේ මන්දා පොලිස් මාමාලායි කැමරා මාමලයි කිසි බයක් නැතුව ඒ අස්සේ රිංගන්නේ එයාලට ඒක ඇවිල්ලා වදියි කියලා බයක් තිබුණෙම නැද්ද මන්දා. කොහොම හරි ඔන්න මගේ තලබනුවේ කැමරාවට අස්සෙං අස්සෙං අහුවෙච්චි පිංතූර ටිකයි වීඩියෝ ටිකයි ඔන්න ඔයාලටත් බලන්ඩ දුන්නා............ම්................ වීඩියෝ ටි බලන්ඩනං googl+ එකෙන් එන්ඩ අමතක කරන්ඩ එපා. එහෙනං......   බුදු සරණයි..........




2 comments:

  1. Anonymous6:46:00 PM

    // කම්බිය කැඩිලා ඇවිත් ඇගේ වදියි අයින් වෙන්ඩ කියලා ඒ කට්ටිය හැම වෙලාවෙම කෑ ගහනවා.ඒක තමයි මට රුස්සන්නේම නැති එක.//

    ගිය අවුරුද්දේ දෙන්නෙක් මැරුනා මතකද බෆර් එකත් එක්ක , කේබල් එක කැඩිලා ඇවිත් , බෙල්ට් එකක් උනත් කැඩිලා ආපුවහම වැදු නොත් හොදට තුවාල වෙනවා, කේබල් වලට , බෙල්ට් වලට සෑන්ඩ් බෑග් දැම්මට වැඩක් නැ බං

    ReplyDelete
    Replies
    1. හ්ම්.........හ්ම්......... කට්ටිය අපිට කෑගැහුවෙත් ඒක මතක් කර කර තමයි

      Delete

ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වනං ඔයාලට හිතෙන දේ අමතක වෙන්ඩ කලින් මෙතනම ලියලා දාන්ඩ.......

Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +