Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2012/09/30

සමචතුරස්‍රය

     සම කෝණී ත්‍රිකෝණයකි........ හුටා මේක ත්‍රිකෝණයක් නෙමේ සමචතුරස්‍රයක්නේ. දැං ඉතිං ඔය සින්දුව කියලා හරියනවයැ. ඔය සින්දුවට හරියන්ඩ සමකෝණී චතුරස්‍රයක් කියලා දාන්ඩද? අපෝ බෑ එතකොට තාලේ වරදිනවනේ.
     ම්...........  හිටියේ වෙන කල්පනාවක. සීනි හැදි දෙකක්  දොඩම් වීදුරුවට දාලා හිමින් සැරේ හැන්ද කරකව කරකව සීනිටික දිය කෙරුවා. හැන්ද කැරකුනේ දිය සුළියකට  අහුවුණ කෝටු කෑල්ලක් වගේ. හොර පූසා කකුළේ පැටලෙනකොට තමයි අක්ක කල්පනා ලෝකෙන් මිදුනේ. හප්පා.... හිත දුවලා තියෙන දුරක්.
     නැවතිලා හිටියේ රෝස මලක.එකම ගෙහේ එක ළග පිපුණ මල් දෙකක්. මල් දෙකම එකවගේ. ඒ එක මලක මී මැස්සෙක් වැහුවේ රොන්ගන්ඩ අවසර අරගෙන. ලැබිච්චි අවසරයෙන් ඒ මී මැස්සා මල ඇතුලට ගිහින් රොන් ගන්න අතරේ එතෙන්ටම ආවේ බඹරෙක්. මී මැස්සට හොරෙන් බඹරත් මලෙන් රොන් ගන්ඩ අවසර ගත්තා. මී මැස්සා එක පාරක් මල ඉඹිනකොට බඹරා දහ පහළොස් වතාවක් මල ඉඹලා ඉවරයි හැබැයි ඒක දන්නේ මලයි බඹරයි විතරයි. ෂඃ රස නම් නියමයි. එහෙම කිවුවේ අක්කගේ මහත්තයා දොඩම් ටිකක් තොලගාලා බලලා.
    හ්ම් එහෙනං ඔයාම ගිහිල්ලා මේක එයාට දනේඩකො.එහෙම කියලා අක්කා බීම වීදුරුව  දුන්නේ නංගිගේ අතට. අක්කා හදන බීමනං මම හැමදාම බොනවනේ අද බලමුකෝ නංගිගේ බීම කොහොමද කියාල එහෙම කියාගෙන තමයි ගෙදරට ඇවිත් හිටිය අමුත්තා නංගිගේ අතින් බීම වීදුරුව අරගත්තේ එයා නංගිට අමුත්තෙක් වුණාට අක්කටයි එයාගේ මනුස්සයටයි නං මෙයා අමුත්තෙක් නෙමේ
    බීම එක ගෙනාවේ මම වුණාට ඒක හැදුවෙනං අපේ අක්කාම තමයි මමත් පස්සේ දවසක ඔයාට දොඩං වීදුරුවක් හදලා දෙන්නංකො  නංගිත් එහෙම කිවුවේ අක්කා දිහා හොරෙන් බලාගෙන  යන්තමට වගේ ටිකක් ඇඹරිලා
  මුලින් එහෙම ඇඹරුණාට මොකද පහුවෙනකොට හිටියේ හරියට  ගෙදර ඇන්ටනාවෙ එතිලා තිබුණ වැල වගේ ඒකත් හරිම වාසනාවන්ත ඇන්ටනාවක් ඒක හිටවලා තිබුණෙ මල් පෝච්චියක් ගාව පෝච්චියේ හිටවලා තිබුණ මල් වැලේ රිකිලි දෙකක් එතිලා තිබුණේ ඒ කණුවේ ඒ හින්දා කණුවට කොයි වෙලාවෙවත් රස්නයක් තේරුණේ නෑ. මුලදි ඔය කණුවේ එතිලා තිබුණේ. එක වැලයි ඒ වැල තවත් කණුවක එතිලා තමයි මේ ඇන්ටනාවේ කණුවේ එතිලා තියෙන්නේ. ඒ වැල කණු දෙක් එතීගෙන යන අතරේ ඒ පෝච්චියෙන්ම මතුවෙච්ච අනිත් වැලත් බලෙන් වගේ අගෙන මේ කණුවේ එතුවේ. දැං එක වැලක් කණු දෙකේම එතිලා උඩට යනවා අනිත් එ ඇන්ටනාවේ කණුවේ  එතිලා උඩට යනවා.
    පටන් ගත්තු කයිවාරුව ගොඩක් දුරට ගිහිල්ලා තිබුණේ. එකපාරටම වෙගේ ටාං ටාං ගාලා ඔරලෝසුවේ සද්දෙ ආවේ එයාලට වෙලාව මතක් කරලා දෙන්ඩ වගේ. ඒක පරණතාලේ වයින් කරන ඔරලෝසුවක්. අක්කගේ හිතත් හරියට ඒ ඔරලෝසුවේ බට්ටා වගේ. කොයි වෙලාවෙත් දෙපැත්තට වැනෙනවා ඒක වැඩිපුර තේරෙන්නේ අර යාළුවයි මනුස්සයයි එක්ක ඉන්න වෙලාවට. උඩින් යාළුවෝ වගේ හිටියට යාළූවගෙයි මනුස්සයගෙයි යටිහිත්වල පොඩි පොඩි කහට තියෙනවා. ඒවා මතුවෙන වෙලාවට අක්කගේ හිත දෙපැත්තටෙ වැනෙන්නේ කෝක තෝරගන්ඩද කියලා.
    උදෙත් ටිකක් තදේට වැස්සා. දැං ආයෙත් තදෙං වහිනඩ වගේ .හොදටම කළු කරලා. අහසේ ගොරවන සද්දෙත් එක්කම අක්කට වැස්ස මතක් වුණා. අක්කා ළග එන වැස්සත් මතක් කරපු හින්දාම ඇවිත් හිටිය යාළුවත් වැස්ස එන්ඩ ඉස්සරවෙලා ඉක්මනටම පිටත්වෙලා ගියා.

2 comments:

  1. මට මේ කතාවෙන් අමුතුම දෙයක් හිතුනේ

    ReplyDelete
  2. මිත්‍රයා කිව්වට තරහා ගන්න එපා ඔයාගේ බ්ලොග් එකේ පෙනුම ඇහැට හරිම අමාරුයි. කියවන්න අපහසුයි. හැඩේ වෙනස් කළොත් නරකද.
    අනික මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.

    ReplyDelete

ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වනං ඔයාලට හිතෙන දේ අමතක වෙන්ඩ කලින් මෙතනම ලියලා දාන්ඩ.......

Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +