Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2012/09/27

තුන්වෙනි ලෝක යුද්ධය

    ඔන්න මේ වෙනකොට තුන්වෙනි ලෝක යුද්ධෙත් පටන් අරගෙන. බය වුණාද? බය වෙන්ඩ එපා. ඒකේ රස්නේ ලංකාවට තාම එච්චර තදේට දැනිලා නෑ. හැබැයි දැන්ම තියා සූදානං ශරීරෙන් ඉන්න එක තමයි ගොඩක් හොද. යුද්ධෙට පාර කැපුවේ ඇමරිකාවෙන්. ඇමරිකාවේ හදපු චිත්‍රපටියක් බලපු මුස්ලිම් මිනිස්සු ඇවිස්සිලා. මම හිතන්නේ ඔතන තමයි තුන්වෙනි ලෝක යුද්ධෙ පටන් ගන්න තැන.
    මේ වෙනකොට ලෝකේ ඉන්න මුස්ලිම් මිනිස්සු ගොඩක් දෙනෙක් ඔ්කට විරුද්ධ එක එක සටන්පාට කියෝගෙන පාරට බැහැලා.ඔය අතරේ දැන් පකිස්තානෙන් ඒ චිත්‍රපටිය හදපු කෙනාගේ ඔළුව ගෙනත් දෙන්ඩ කියලා නිවෙදනයකුත් දීලයි තියෙන්නේ. ඒ කියන්නේ ඇමරිකාව යුද්ධය ඇවිස්සුවා පකිස්තානේ යුධ ප්‍රකාශ කෙරුවා.
    ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ඔය යුද්ධය අපිට බලපාන විදියයි. අනිත් ලෝක යුද්ධ වලදි වගේම මේ ලෝක යුද්ධෙදිත් ලංකාව අනිවාර්යයෙන්ම ප්‍රධාන යුධ මධ්‍යස්ථානයක් වෙනවා. ඒකට හේතුව වෙන්නේ ලෝකේ තියෙන ඔ්නෙම රටකට භූලෝලීය බලපෑම්වලින් තොරව ප්‍රහාර එල්ල කරන එක ලංකාවේ ඉදලා කරන්ඩ ගොඩක් ලේසියි. ඇත්තටම අපි කොහොමද ඔ්කට මුහුණ දෙන්නේ?
    ඔ්කෙදි මුස්ලිම් කට්ටියගේ පැත්ත ගන්ඩ කියලා අපේ රටේ ඉන්න පුස්ලිම් මිනිස්සු පාරට බහියි. උද්ඝෝෂණ කරයි. අන්තර් ජාතික සංවිධානවලදී ඇමරිකාව අපිට බලපෑම් කරද්දි අපිත් එක්ක හිටියේ මුස්ලිම් රටවල් කියලා උන් කතාකරාවි. එහෙම කියලා අපි ඒ අයට උදව් කරන්ඩ ගියොත් අනිවාර්යයෙන්ම ඉන්දියාව ලංකාවට විරුද්ධ වෙනවා. මොකද ඉන්දියාවයි පකිස්තානයයි අතරේ ප්‍රශ්න තියෙනවානේ. පකිස්තානේ කියන්නෙත් මුස්ලිම් රටක්නේ. අනික මුස්ලිම් අයගේ සංස්කෘතියත් එක්ක අපේ සංස්කෘතිය කොහෙත්ම ගැලපෙන්නේ නෑ. දන්නවනේ එයාලා බුදු පළිමවලට කරපු දේවල්. උන් අපේ රටට ඇවිල්ලා අනිවාර්යයේනම අපේ සංස්කෘතිය විනාශ කරනවා.දැනටත් ඒක පටන් අරගෙනනේ තියෙන්නේ. ඒක තමයි එයාලගේ සංස්කෘතිය
    එහෙනං අපිට කරන්ඩ තියෙන්නේ ඇමරිකාවේ සහය අරගෙන මුස්ලිම් රටවල්වලට ගහන එක. එතකොට ඉන්දියාවත් අපේ පැත්තට. පකිස්තානේ අපිට විරුද්ධ වුණාට කරන්ඩ දෙයක් නෑ. හැබැයි ඒකෙනුත් වෙන්නේ අපි අපිටම වල කපාගැනිල්ලක්. මොකද ඉන්දියාව අපිට  මිතුරෝ වගේ හිටියට යටින් හතුරුකම් කරන්ඩ ඉඩ තියෙනවා. ඉන්දියාව කොටින්ට ආයුධ දීපු හැටි මතක ඇතිනේ. අදටත් උන් එහේම්මම තමයි. ඒ වගේම තමයි ඇමරිකාවත්.
    බලනකොට අපි මේකේ හැම පැත්තනේම කොටු වෙලානේ ඊළගට ඉතුරු වෙලා තියෙන්නේ ජපානේ ඒගොල්ලොත් දැන් පොඩි යුද්ධෙකට පැටලිලා. චීනෙත් එක්ක. එයාලගේ දූපත් ටිකක් ඛෙදා ගන්ඩ බැරුව. තාම යුද්ධෙ පටන් අරන් නෑ. තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. හැබැයි යුද්ධයක් වෙන්ඩ ගොඩන් දුරට ඉඩ තියෙනවා. 
    එහෙම වුණොත් සමහරවිට චීනේ කට්ටිය රුසියාවත් මේකට එකතු කරගන්ඩ ගොඩක් දුරට ඉඩ තියෙනවා ඒ කියන්නේ මේ වෙනකොට ලෝකේ හැම තැනටම බලපාන විදියේ පොඩි පොඩි යුද්ධ පටන් අරගෙන ඉවරයි දැන් කොයි පැත්තෙන් වුණත් පළවෙනි වෙඩිල්ල තියපු ගමන් ඒකේ සැර අපේ රටටත් තදේට දැනෙයි  ඒ හින්දා කවුරු කවුරුත් දැන් න්‍යෂටික බෝම්බවලට සූදානම්පිට හිටියොත් තමයි හොද

No comments:

Post a Comment

ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වනං ඔයාලට හිතෙන දේ අමතක වෙන්ඩ කලින් මෙතනම ලියලා දාන්ඩ.......

Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +