Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2012/08/23

එස්.බී


    ඔන්න අද මම කියන්ඩ යන්නේ අපේ බේකරියේ බාස් මහත්තයා ගැන. ගොඩක් අයා ‍මේ මිනිහව අඳුරන්නේ එස් බී කියලා. මිනිහගේ නම තමයි සේතං බාස්ග මීට කලිං ටික කාලයක් ‍මේ බේකරියේ වැඩ කෙරුවා ඊට පස්සේ මේ බේකරිය ටිකක් පාඩු වේගන ‍එනකොට මිනිහා වෙන බේකරියක‍ට ගියා.ආයේ මේකේ වැඩ නැගලා එනකොට මිනිහා ආයෙත් මේකට එකතු වුණා. එක එක තැන්වල වැඩ කරලා චාටර් වෙච්චි පොරක්. එහෙම වුණාට කමන්නෑ කියලා බේකරියේ අයිතිකාරයා තමයි හිරගෙදරින් නිදහස් කරලා  මෙයාව වැඩට අරගත්තේ. අයිතිකාරයත් නියම පොරක්. රට වටේම මිනිහගේ බේකරි. එහෙම අරගෙන මේ මිනිහටම තමයි ‍දුන්නේ බේකරියේ උසස් නිශ්පාදන සම්බන්ධ වැඩ කටයුතු පිළිබඳ ප්රිධාන තැන තමයි.
මිනිහව වැඩට ගත්තේ නං මිනිහා හොඳට වැ‍ඩ කරයි කියලා හිතාගෙන තමයි. මොකද මිනිහට ඔය බේකරි වැඩ ගැන පළපුරුද්දත් තියෙනවා ඒ වගේම ඔය බේකරි නිශ්පාදන මිනිහා හොඳට කාපු පොරක්නේ. එහෙම හිතාගෙන වැඩට ගත්තු දවසේ ඉදලා මිනිහා කෙරුවෙම මේ බේකරියට‍ වින කරන එක තමයි.
    ඒ කෙරුවාව හින්දම දැං බේකරියේ ගන්ඩ කියලා කිසිම දෙයක් නෑ. මුලින්ම මෙයා කෙරුවේ පෝරණුවට දාලා පුච්චන පාන්ගෙඩි ටිකට වින කරපු එක. ඉස්සරනං පාන් ගෙඩිය හොඳට පිපෙන්ඩ මෝලිය අනද්දි හොඳට ඊස්ට් එහෙම දාලා තමයි ඇණුවේ ඊ ළඟට පදම එනකොට ඇඹුල කඩලා  බර බලලා පාන් ගෙඩිය ගානට හදලා තමයි පුච්චන්ඩ දැම්මේ. ඒ වුණාට ඒ වැඩේ එච්චර හොඳ නෑ කියලා අපේ සේතං බාස් කෙරුවේ ඊස්ට් වෙනුවට වෙන මොනවද දාලා අනපු එක. ඒකෙන් දැං පාන් ගෙඩිය හරියට පිපෙන්නෙත් නෑ. 
ඊට පස්සේ කෙරුවේ රට වටේ වෙන වෙන මුදලාලිලාගෙත් බේකරි හදපු එක. ඉස්සර තිබුණ බේකරි ඔක්කොම මේ මුදලාලිගේ. හැබැයි දැන් දැන් වෙන වෙන මුදලාලිලාගේත් බේකරිත් වැඩ පටන් අරගෙන. හොදේ කියන්නේ ඕකෙන් වෙන පාඩුව මොකද්ද කියලා පාන්ගෙඩිවලටත් තේරෙනවා. පාන් ගෙඩියත් ඒක මුදලාලිට බේකරියේ බාස්ට පෙළපාලි ගිහිල්ලත් තේරුම් කරලා දීලා තියෙනවා. ඒ වුණාට ඒ වෙලාවට හා කියලා මුදලාලියි බාසුන්නැහෙයි දෙන්නම කෙරුවෙත් ඕක.
    ඔය ‍වගේ එක එක ලෙඩ අතරේ පොඩි පොඩි බාස්ලත් ලෙඩ අදින්ඩ පටන් ගත්තා. ඒ අයට ගෙවන පඩිය මදි කියලා එයාලා ඒ අයගේ වැඩ නැවැත්තුවා. ඕකෙන් ඇඟ බේරගන්ට බාස්සුත් පොඩි පොඩි දහංගැට ඇද්දා. ඒ වුණාට ඒක එච්චර හරිගියේ නෑ. අන්තිමට පොඩි බාස්ලා ඉල්ලපු දේවල් වලින් කොටස්ක් දෙන්නං ඉතුරු එව්වා දෙන්ඩ බෑ. ඒවා අසාධාරණයි කියලා කිවුවා. පොඩි ‍බාස්ලා ඒවට අහු වුණේ නෑ. එයාලත් හොඳට මෝලිය අනපු කට්ටිය නේ. ඒ අය කෙරුවේ සම්පූර්ණයෙන්ම බේකරියේ වැඩ නවත්තපු එක.
    දැං ඉතිං බාස් ට කරගන්ඩ කිසිම දෙයක් නෑ. එයා ගිහිල්ලා පාන්මෝලිය අනන්ඩ ද?  මීට කලින් එක පාරක් මිනිහා බේකරියට ගිය වෙලාවක පාන්මෝලියෙන් මිනිහට පොඩි ඔච්චං පාරකුත් දැම්මලුනේ. ඒ හින්දා දැං බේකරිය පැත්තටවත් යන්ඩ බෑ. ගියයි කියලා හැම බේකරියටම ගිහින් පාන් පුච්චන්ඩද බැනේ. ඒ හින්දම දැං සේතං බාස් කෙරුවේ කේක් පුච්චන බේකරි දෙක තුනක් විතරක් ඇරලා තියලා පාන් බේකරි ඔක්කොචමටික වහලාදාපු එක. එහෙම කෙරුවට කේක් බේකරිවල වැඩ කොහොමද කියලා නං දන්නේ නෑ.

3 comments:

  1. හැක හැක හැක නියම ටොක්ක

    ReplyDelete
  2. සේතනුයි මායි දන්න බේකරි වැඩ..... ;)

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් වැරිෆිකේෂන් "no" කළොත් හොද නැද්ද....?

      Delete

ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වනං ඔයාලට හිතෙන දේ අමතක වෙන්ඩ කලින් මෙතනම ලියලා දාන්ඩ.......

Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +