Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2012/08/21

සිංහලද ඉංග්රී සිද

පොරණ අප බුද්ධං

ඒවා දැං විරුද්ධං

දැනට අප සුද්දං

මතකවත් නැත ස්වස්ථී සිද්ධං

   අපේ ලංකාවේ එදා හිටියා වගේම කළුසුද්දෝ තවමත් ඉන්නවලූ, ඒ අයට නං ඉංග්‍රීසි දන්න එක මහා ලොකුකමක්ලූ. සමහරුන්ට නං දැං සිංහල අකුරුත් අමතක වෙලාලූ. අපි දඬුමොණරේ නැගලා අහසින් ගිය කාලේ සුද්දෝ විලි වහගන්නවත් දන්නේ නැහැල්ලූ. මහලොකුවට හිතං හිටියට ඔය ඉංග්‍රීසියේ ඇති වැදගත්කමක් නෑ. ඒක මහා ලෙඩ ගොඩක්.

   ඕකේ තියෙන එක ප්‍රශ්නයක් තමයි ලිංගභේදය. Perera went home කියපුවහම ඒ ගොල්ලෝ නං කියන්නේ හරි කියලා. හැබැයි ප්‍රශ්නේ තමයි පෙරේරා ගැහැණුද පිරිමිද කියන එක. ඕක සිංහලේදී නං ගියේය ගියාය කියලා වෙනසක් තියෙනවා. ඒකෙන් ඕවගේ ලිංගභේදය අඳුනගන්න පුළුවං.

   අනිත් ප්‍රශ්නේ තමයි කතා කරන විදිය. ඕකෙදි එක එක වෙලාවට එක එක කුණුහරප තමයි කියන්නේ. cut ලියපුවහම ඒකට කට් කියලා කියනවා. හැබැයි put ලියපුවහම කියවන්නේ පුට් කියලා. u අකුරෙන් උ ශබ්දය එනවනං cut කියන්නේ කුට් වෙන්ඩ එපායැ. ඒකෙත් කිසිම ප්‍රමිතියක් නෑ. මොනවා කරන්ඩද ලොකු ලොක්කොත් කුණුහරපම කියෝ කියෝ ඉන්නවා. ඒක තමයි ඒ ගොල්ලංගේ ලොකුකම කියන්නේ. ඒ වගේම තමයි you ලියලා ඒක යූ කියලා කියවනවා. හැබැයි young කියලා ලියපුවහම කියවන්නේ යංග් කියලා. you } යූ වෙනවානං  young } යුංග් වෙන්ඩ ඕනේ.

   තවත් ලෙඩක් තියෙනවා. ඒක තමයි ගොඩක් ශබ්ද ලියන්ඩ අකුරු නැති එක. කාගේ හරි නමක් ගමක් ලියනකොට තමයි ඔය ලෙඩේ මතුවෙන්නේ. ඒ වෙලාවටත් ඉතිං වෙන මොකක්හරි බහුබූතයක් තමයි ලියන්ඩ වෙන්නේ. තාරක කියන එක ඒගොල්ලෝ ලියන්නේ Tharakaකියලයි. ඒක හරි කියමුකෝ. එතකොට ඨාකුර් කියන එක ලියන්ඩ වෙන්නේ කොහොමද? ඒක ලියන්නෙත් Thakur කියලා. ඒ කියන්නේ ඒ ගොල්ලෝ ත-ඨ දෙකේ වෙනස දන්නෙත් නෑ. සමහරු ඒක Takur කියලත් ලියනවා. හැබැයි එතකොට ටාසන් ලියන්න විදියක් නැති වෙනවා. මොකද ට-ඨ දෙකෙත් වෙනසක් තියෙනවානේ. ඔය වගේ ඒවානං තව ගොඩක් තියෙනවා. ඇයි ඤ-ඥ, ඹ-බ, ෂ-ශ ඒ විතරක් නෙමේ අල්පප්‍රාණ මහප්‍රාණ වෙනස. ඔය එකක්වත් මහලොකු ඉංග්‍රීසියේ නෑ.

   ඒ වගේම තමයි ඒ ගොල්ලංගේ අ-උ-යු පටලැවිල්ල. වෙලාවකට අයන්න ලියන්නේ A අකුරෙන් තවත් වෙලාවකට U අකුරෙන්. ඒත් එක්කම U අකුරම ලියනවා උ යන්න වෙනුවටත්. එහෙම ලියන U අකුර යු විදියටත් ලියනවා.

අනිල්-ආනන්ද-අංකල්-යුනිට්-උපාලි

Anil-Ananda-Uncle-Unit-Upali

   තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි තමන්ට ඕනේ විදියට තමන්ගේ අදහස ලියන්න බැරි එක. ඒකත් මේ සටහන බැලූවම තේරෙයි.

ඔබතුමා යනු මැන.

ඔයා යන්න.                                      you go

තෝ පල.

   කෙනෙකුට ගෞරවයෙන් කියන දේකයි තරහෙන් කියන දේකයි ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ඔය ඉංග්‍රීසියේ හොඳ නරක දෙකටම තියෙන්නේ එකම බැනිල්ලක් තමයි. ඉංග්‍රීසි කාරයෝ මොන දේ කිවුවත් අපිට හිනා යන්නෙත් ඒක හින්දා තමයි.

ආදර බර පියා පාදර් මව් මදර් වී

සොඳුරට මයි ඩාලිං යැයි දොඩාවී

ගෙදර හිරමණේ පොල් ගෑම ඉංග්‍රීසි තාලෙන්

මැජර්කම් නොවේ නම් වෙන මොකක්දෑ ඉලව්වේ

(වරකා මදුලූ)

   හැබැයි ඕක ඔහොම උනාට බලෙන්ම ඕක බදාගත්තු එවුනුත් ලංකාවේ ඉන්නවා. කොහේ හරි දැන්වීමක් නාම පුවරුවක් බැලූවොත් ගොඩක් ඒවා තියෙන්නේ පර බාසාවෙන්. අම්මා තාත්තා වෙනුවට මමීලා ඩැඩීලා ඇවිල්ලා. මේකට හේතුව වෙලා තියෙන්නේ ඉංග්‍රීසි ඔල්මාදය යි.

කටු ඊ මේකට මාරු උන හින්දා දවසින් දවස ලිපි 1ක 1ක මේකට ගේනවා
මගේම එකෙන් මගේම එකට

 ඉක්මණටම අලුත් ඒවත් ගේනවා.

පරණ ඒවා බලන්ඩ මෙතනින් ඇතුළු වෙන්න

www.ka2e.wordpress.com

No comments:

Post a Comment

ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වනං ඔයාලට හිතෙන දේ අමතක වෙන්ඩ කලින් මෙතනම ලියලා දාන්ඩ.......

Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +