Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2013/01/27

මගේ මැණික

    මැණික් ගන්ඩ ගියාම කට්ටියට ලොකු ලොකු ප්‍රශ්න නේ. අපිට මේවා පාටකරපු ගල්ද නැත්තං නියම මැණික් ගල්ද කියලා හොයාගන්ඩ එපැයි. එහෙම නැත්තං අපිම මැණික් ගරලා මැණික් හොයා ගන්ඩ එපැයි. ඒකට වෙනම බලපත්‍රත් ගන්ඩ ඔ්නේ. ඒ වුණාට දැං මම කියන්ඩ යන්නේ බලපත්‍ර නැත්ව මැණික් ගන්න ක්‍රම ටිකක්. හැබැයි මේවා පොළොවෙන් ගන්න මැණික් නෙමේ.  ඒවට කියන වෙන වෙන නම් තියෙනවා.නීතියෙන් ප්‍රශ්නත් නෑ.  විස්තරේදි ඔයාලට තේරෙයි.


පළවෙනි එක තමයි නාගමැණික.

    ඒක ගන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම හොයාගන්ඩ ඔ්නේ මැණිකකට අයිතිය කියන නාගයෙක්. සමහරු කියනවා ඒ නයි සුදුපාටලු. ඇගපත එහෙම ටිකක් ලොකුයිලු. මුලින්ම ඔන්න ඔය කියන දේහ ලක්ෂණ තියෙන හොද නාග රාජයෙක් හොයගන්ඩ ඔ්නේ. ඊ ළගට කරන්ඩ තියෙන්නේ ඔය නයා කෑම බීම හොයාගෙන යන වෙලාවක උගේ ඉස්සරහින් හාල්මැස්සන්ගේ ඔලු ටිකක් තියන්ඩ. උන් ඒවා කන්ඩ ගොඩක්ම කැමතිලු. ඒ වුණාට නාගමාණික්‍යය බඩේ තියෙද්දි ඒවා ක්ඩ බැ. ඒ හින්දා නාගයා මැණික වමාරලා පැත්තකින් තියලා හාල්මැස්සො ඔලු ටික කන්ඩ පටන්ගන්නවා. නාගයා ඒක කන අතරේ ඔයාට කරන්ඩ තියෙන්නේ හොද අමු ගොම ගුලියක් ඒ මැණික උඩට අතඅරින එකයි ඒක ඒ නාගයා දැක්කොත් පස්සෙන් එලවන්ඩ පටන්ගනියි. ඛේරෙන එක තමන්ගේ වැඩක්...

ඊ ළගට කියන්නේ හිකනල් මැණික.

    නාගමාණික්‍ය වගේම තමයි හිකනල් මැණිකත්. ගොඩක් බලගකු මැණිකක් කියලා තමයි කියන්නේ. ඒකත් හැම හිකනලෙක් ගාවම තියෙන දෙයක් නෙමේ.  ඒකටත් උන්ගේ දේහලක්ෂණ හොදට බලන්ඩ වෙනවා. මැණිකකට අයිතිය කියෙන හිකනලෙක් නං ඒ හිකලට වලිග දෙකක් තියනවා. ඔන්න ඒ ජාතියේ හිකනලෙක් හොයාගත්තට පස්සේ ඉතින් ඔයා හිකනල් මැණිකක අයිතිකාරයෙක්. ඒ ජාතියේ හිකනලෙක් අල්ල ගත්තට පස්සේ කරන්ඩ ඔ්නේ වැඩ පිළිවෙලක් තියනවා. මුලින්ම පොල්කටු තුනක් අරගෙන ඒ එකකට නැවුම් එළකිරි ටිකක් දාන්ඩ ඔ්නේ. අනිත් පොල්කටුවේ හිලක් විදලා අර පොග්කටුව උඩින් උඩුබැලි අතට තියන්ඩ. ඊ ළගට හිල් පොල්කට්ටට හිකනලාව දාලා තව පොල්කටුවකින් වහලා තියන්ඩ. හිකනලා එළකිරි බොන්ඩ ආසාවෙන් මැණික වාමාරලා දානවා. පොල් කටුවේ තියෙන් හිලේන් ඒක කිරි එකට වැටෙනවා.

    ඔය මැණිකෙන් හොදට සල්ලි හම්බ කරන්ඩ පුළුවන්ලු. මොකද හිකනල් මැණික කියලා කිවුවට එතන මැණික් කැට දෙකක් තියනවා. ගැහැණු මැණිකයි පිරිමි මැණිකයි කියලා.මැණික් දෙක හොදට මතක තැන් දෙකක තියන්ඩ. පහුවදා එළි වෙනකොට පිරිමි මැණික ගැහැණු මැණික ගාවට යයි. ඒකෙන් ඔයාලට හොයාගන්ඩ පුළූව්නනේ කෝකද ගැහැණු මැණික පිරිමි
මැණික කියලා. ඊළගට කරන්ඩ තියෙන්නේ ගැහැණු මැණික ඔයා ගාව හොදට ආරක්ෂා කරලා තියාගෙන පිරිමි මැණික විකුණන එකයි. ඊළග දවසේ එළි වෙනකොට ඒක ආයෙත් ඔයාගේ ගැහැණු මැණික ගාවට ඇවිත් තියෙයි.

තව මැණිකක් තියෙනවා සිතුමිණ කියලා. ඒකනං ඔයාලා ගොඩක් අය අහලා ඇති.
    අලුතෙන් ඉපදුණු ඇටිකුකුළු පැටියෙක් හොයාගෙන ඒ පැටියට වැඩිය රිදෙන්නේ නැති විදියට රත්තරං කෙන්දකින් කූඩුවටම තියලා ගැටගහන්ඩ දවසක් දෙකක් යනකොට ඇටිකුකුළු අම්මා සිතුමිණ මැණිකක් ගෙන්ල්ලා කූඩුවෙන් තියාගනියි. ඔයාලට කරන්ඩ තියෙන්නේ රත්තරං කෙන්ද ලෙහලා සිතුමිණ මැණික අරගන්න එක. ඒ මැණිකේ තියෙන වාසිය ඉතින් මැණිකේ නමින්ම හිතාගන්ඩ පුළුවන්නේ .

    ම්ම්ම්ම්................  කට්ටිය මේක කියෝලා ඒ ජාතියේ මැණික් හොයාගත්තට කමක් නෑ. හැබැයි මගේ කොටහත් ඔ්නේ................
අඩුම තරමේ මැණිකක් හම්බවුණා කියලා කොමෙන්ටුවක්වත් ඔ්නේ හොදේ................

7 comments:

  1. අනේ මැනික් හොයන අපිට හොද විස්තරයක් තියෙනවා බොහොම පිං...

    ReplyDelete
    Replies
    1. මගේ කොටහත් මතක ඇතිනේ............

      Delete
  2. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  3. Anonymous8:25:00 AM

    පිස්සු නැත්නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. මැණික් හොයන කට්ටියටද නැත්තං මේ ලිපිය බලපු කට්ටියටද???????

      Delete
  4. පමාවෙලා දැක්කේ දැන් ඉතිං කොහොම හරි හොයාගන්න ඕනේ එක මැණිකක් හරි .

    ReplyDelete
    Replies
    1. රුවන් සහෝදරයා හොයන මැණික ඉක්මනටම හමුවේවා කියලා මමත් එක හිතින් ම ප්‍රාර්තනා කරනවා

      Delete

ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වනං ඔයාලට හිතෙන දේ අමතක වෙන්ඩ කලින් මෙතනම ලියලා දාන්ඩ.......

Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +