Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2013/03/26

DJ


    ඔනන් ළගදි දවසක මට හම්බවුණා මරු බඩුවක්. එහෙම දෙයක් හම්බුණාම ඒක ඔයාලටත් දෙන එක මගේ යුතුකමනේ. හැබැයි ඉතින් මේ බඩ්ඩ ඔයාල මීට කලිං පාවච්චි කරලා තියනවද කියලා කියන්ඩ මම දන්නේ නෑ. සමහර විට මේකම ඔයාලත් පාවිච්චි කරලා ඇති. වියදමකුත් නැත්තං ආතල් එකත් තියනවනං තව මොන කතාද? මට මේක අලුත් හින්දා මම මේක ඔන්න ඔයාලට දෙනවා.

   
දවසක් යාළූවෙකුගේ උපන්දින සාදයකදි තමයි මට මෙක අහුවුණේ. එදා සාදේ ටිකක් කම්මැලි විදියට තමයි තිබුණේ. යාළුවෝ ටික හිටියට එච්චර ජොලියක් තිබුණේ නෑ. හැබැයි මේක අහුවුණාට පස්සේ නියමෙට නැගලා ගියා.

    ඔන්න ඔයාලත් මේක අත්හදා බලන්ඩකො. අපේ පාටියට ගැලපෙන විදියට අපිට ඔ්නේ විදියට අපිටම පුළුවන් DJ එකක් දාගෙන නටන්ඩ. වැඩි විස්තර මොකටද? මෙන්න තියෙනවා ඒක.
ඔය රූපේ උඩ කොටනඩකෝ

 දැං ඉති මේක දාගෙන ඔ්නේ විදියට නටන එකයි ඇත්තේ. සින්දු ටිකත් මේකෙන්ම තෝරලා දාගන්ඩ පුළුවන්.හොද නරක කොහොමද කියලත් කියන්ඩ හොදේ..........

2013/03/11

ප්‍රවාහර සහ හැල


ප්‍රවාහර සහ හැල හෙවත් සන්නිවේදනය සහ මුට්ටිය
    ඔන්න අද කතාව මම ප්‍රශ්නෙකින් පටන් ගන්නංකෝ... ඇත්තටම ඇත්ත කතා කරන මාධ්‍ය මොකද්ද? රූපවාහානියද? ගුවන් විදුලියද ?පුවත්පතද? අන්තර්ජාලයද? නැත්තං වෙන මොකක්හරි එකක්ද?
    අනේ මන්දා. ඉදලා හිටලා හරි මගේ ඔලුවට එන්නෙත් ඔය වගේ ගොන් ප්‍රශ්න තමයි. ඔ්කට උත්තර හොයන්ඩ ගියාමත් නැති ලෙඩ හැදෙයි. මොකද මාධ්‍ය කියලා ගත්තාම ඔ්කෙත් තව තව කෑලි තියෙනවනේ. සමහර ඒවා රජයේ, තවත් ඒවා මහරාජගේ, තව ඒවා එදිරිසිංහලගේ, තවත් එකක් උපාලිගේ...... අයිතිකාරයගේ කැමැත්තට අනුව ඇත්ත බොරු වෙනවා. බොරුව ඇත්ත වෙනවා. එහෙම වෙනකොට වැඩිපුර ප්‍රසිද්ධ වෙන දේ තමයි අපිත් ඉතිං හරි කියලා පිළිගන්නේ. අර කවුද කෙනෙක් කියලාත් තියෙනවනේ එකම බොරුව සියවතාවක් කියනකොට ඒ බොරුව ඇත්තක් වෙනවා කියලා.
    මට මේක කියන්ඩ හිතුනේ මේකයි. ඊයේ පෙරේදා දවසක ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන ලසිත් මාලිංග ගැන නියමෙට ප්‍රචාරයක් ගියානේ. මාධ්‍යවලින් ගිය ඒ කතන්දරත් එක්ක මූණුපොතෙත් ඒක නියමෙට කාතාවුණා. සමහර බ්ලොග්වලත් ඔ්කට එක එක කතා කියලා තිබුණා.

    සමහරු කියනවා මාලිංගගේ වැරැද්දක් නෑ කියලා. තව සමහරු කියනවා මාලිංග වැරදියි කියලා. ඔය අතරේ තවත් කට්ටියක් කියවා තෙල් මිල ඉහල ගිය එක වහගන්ඩ මේක උපායක් කියලා. පැමිණිලි ගොඩයි.  උසාවියත් ජනමාධ්‍යමයි. පැමිණිල්ලත් එයාලගේමයි. තීන්දුවත් එයාලගේමයි. අපිට තියෙන්නේ ඔය ඔක්කොම බලං ඉදලා ජනමාධ්‍යයෙන් නියම කරන දඩුවම ක්‍රියාත්මක කරන එක තමයි.
   මට තේරුණ විදියටනං ඒ ගිවිසුමට එදා කට්ටියට අකමැත්තෙන් වුණත් ඒ දාලා තිබුණු කොන්දේසිවලට එකග වෙන්ඩ වුණා. මාලිංග ඒ කොන්දේසිවලට අකමති කෙනෙක් වෙන්ඩ ඇති. අන්න ඒ හින්දා එයා ටිකක් හිතේ වෙන්දනාවෙන් තමයි එතනින් එළියට ආවේ. ඒ වෙලාවෙම මාධ්‍යයත් එයාගේ ඉස්සරහට මයික් එක දික් කරගෙන ගියහම එයාට ටිකක් තරහා යන්ඩ ඇති. වෙච්ච සිද්ධිය ඔ්කයි. පුංචිම පුංචි දෙයක්. හැබැයි මාධ්‍යයට ඔ්ක ලොකූ දෙයක්.
    ඇත්තටම මාධ්‍ය සදාචාරය කියන්නේ ඔ්කටද? එහෙමනං මම හිතන විදියට ඔය හැම මාධ්‍යයකම හැමදාම විශේෂ ප්‍රවෘත්තියක් විදියට දාන්ඩ වෙනවා. කවුරු හරි කෙනෙක් මාධ්‍යයට බැන්නයි කියලා. මොකද ඔය මාධ්‍ය ආයතනවල වැඩ කරන කට්ටියම කොච්චරනං ලොක්කංගෙන් බැණුම් අහනවා ඇතිද?
    විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියේ 19 වෙනි වගන්තියේ තියෙනවා "සෑම පුද්ගලයෙකුටම භාෂණයේ නිදහස හා ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය" කියලා. ඔ්ක ඔය විදියටම ලංකාවේ 1978 ව්‍යවස්තාවෙත් 14 - (අ) වගන්තියෙත් තියෙනවා. එහෙනං ඉතින් ඔ්ක ඔ්ච්චර ගැටලුවක් කරගන්ඩ දෙයක් නෙමෙයිනේ. සිද්ධ වෙලා තියෙන්නේ මාලිංග එයාගේ අයිතිවාසිකම් බුක්තිවදපු එක විතරයි. වැඩේ තියෙන්නේ මාධ්‍ය කාරයෝ මේක නියමෙට ප්‍රසිද්ධ කෙරුවට පස්සේ රටේ මිනිස්සුන්ට මාලිංගව සම්පූර්ණයේනම එපා වෙලා. සමහරු කියන්නේ මාලිංග අයේ ක්‍රිකට් ගැහුවේ නැතත් කමන්නෑ කියලා.
   හැබැයි ඒ වගේම තමයි මාලිංග අතෙත් වැරුද්දක් තියනවා. මොකද මටත් හිතෙනවා ඒ වෙලාවේ එයා පාවිච්චි කරපු වචන ටිකක් සැර වැඩියි කියලා. ක්‍රීඩකයෙක් වුණාම ඉවසීමත් පුරුදු කරලො තියෙන්ඩ ඔ්නේ. අපේ හිටපු නායකයෙක් වෙන අර්ජුණ රණතුංග කියන්නෙත් මේවගේ කට්ටිය කණ්ඩායමෙන් අයින කරලා රට වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක් හදාගන්ඩ ඔ්නේ කියලා. ඇත්තටම මමත් ඒකට එකගයි. ක්‍රිකට්වලට විතරක් නෙමේ. හැම ක්‍රීඩාවකදිම තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්ඩ පුළුවන්නං ඒක ගොඩක් වටිනවා.
    මම හිතන විදියට මේක ක්‍රීඩාවෙදි විතරක් නෙමේ මාධ්‍යයෙදිත්, දේශපාලනයෙදිත්, තමන් කරන කියන හැම වැඩකදිමත් ඒ විදියට හිතනවනං ගොඩක් හොදයි. දේශපාලනේද ි තමයි ඔ්ක ගොඩක් වැදගත් වෙන්නේ. මේ දවස්වල ජාතික රූපවහිනිය හරි ස්වාධීන රූපවහිනිය හරි දාලා බැලුවොත් පේන්ඩ තියෙන්නේ රාජපක්ෂ පරම්පරාවේ ගුණ වර්ණනා. සිරස දාලා බැලුවොත් රජයේ වැරදි. දෙරණ දාලා බැලුවොත් ජවිපෙ ගුණ. හැමෝම කියන්නේ ඇත්ත කියන ආයතනය තමන් කියලා. හැබැයි අන්තිමට වෙලා තියෙන්නේ මාධ්‍ය කාරයාගේ උවමනාවට අනුව අපි රැවටුන එක විතරයි.
    

2013/02/19

නංගී සිප් එක ඇරිලා

     අනේ මෙහෙමත් එවුන් ටිකක්. කිසිම හැදියාවක් නැති එවුන්. මුන්ගේ අම්මලා තාත්තලා මුන්ට මේවා උගන්නලා නැද්ද මන්නදා. කෙල්ලෙකුට පාරේ බැහැලා යන්ඩ බෑනේ. මමත් මෙතන ඉද්දිමනේ මුං මෙහෙම හැසිරෙන්නේ. කෙල්ල තනියෙන් එහෙම ආවනං ඔක්කොම ඉවරයි..... ඔන්න ඔහොම තමයි දේශනාව පටන්ගත්තේ.

     ඒ දේශනාවේ තාලෙට මගේ දණහිස් දෙකත් යන්තමට වගේ බයිලා ගහන්ඩ පටන්ගත්තා. වටේ පිටේ මිනිස්සු ඔක්කොම වගේ අපි දිහා බලාගෙන. අපි කිවුවට ඉතිං එච්චර ලොකු කට්ටියක් නෙම්. මමයි තව මගේ යාලුවෝ දෙන්නෙකුයි තමයි හිටියේ.

     වෙලාවනං දවල් එකට විතර ඇති. ඒ හින්දම පන්ති ඉවර වෙලා එන කොල්ලෝ කෙල්ලොත් අපි දිහා බලාගෙන. කෑගහන කෙනා එයාගේ දුවත් එක්ක පඩිපෙළ බැහැගෙන එනගමන්. අපි හිටියේ පඩිපෙළේ බාගයක් විතර නැගලා. අපි හිමින් සැරේ යමු කියලා කිවුවත් අපේ එකෙක් එතනිං මාරු වෙලා යන්ඩ ආවේ නෑ. ඒ හින්දම ඉතිං අපි තුන්දෙනාටම එතන ඉන්ඩ වුණා. එතෙන්ට වට වෙච්චි කට්ටිය ඔක්කොම දෙනා අපි දිහාට රවාගෙනමයි හිටියේ.

     ..............බලන්ඩකො අයියේ මුංගේ හැටි මේ පඩිපෙළන් අපි බැහැගෙන එනකොට මහ වනචර විදියටනේ මුං හැසිරුණේ මේ කෙල්ල දිහා බලලා මේකිට පේනඩ මහ ජරා විදියට උගේ කකුල් දෙක ගාව අතගගා මොකද්ද කිවුවනේ.

     ඒ වෙලාවෙනං මගේ ඇස් දෙකත් උඩ ගියා. මොකද එහෙම දෙයක් අපි යන්තං වත් දැක්කේ නෑනේ. හැබැයි අපේ අනිත් එකාගෙනං කට ඒ වෙලාවේ නියමෙට වැඩ කෙරුවා. අපි යන්ඩ හදද්දිත් යන්නේ නැතුව එතන නැවතුණෙත් එයා හින්දම තමයි. ඒ කියන්නේ අපිටත් නොපෙනන විදියට මිනිහා කෙල්ලඩ පේනඩ එහෙම දෙයක් කරලා. මිනිහගේ කටේ කොහේද මුල්ලක හිරවෙලා තිබුණ වචන පේළියක් එකපාරටම කටෙන් එළියට පැන්නා.
නංගි සිප් එක ඇරිලා ඒක වහගන්ඩ.
 මූ එකපාරටම කියලා දැම්මා. අන්න එතකොට තමයි අපි කට්ටියටම කතන්දරේ තේරුණේ.
Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +