Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2013/02/19

නංගී සිප් එක ඇරිලා

     අනේ මෙහෙමත් එවුන් ටිකක්. කිසිම හැදියාවක් නැති එවුන්. මුන්ගේ අම්මලා තාත්තලා මුන්ට මේවා උගන්නලා නැද්ද මන්නදා. කෙල්ලෙකුට පාරේ බැහැලා යන්ඩ බෑනේ. මමත් මෙතන ඉද්දිමනේ මුං මෙහෙම හැසිරෙන්නේ. කෙල්ල තනියෙන් එහෙම ආවනං ඔක්කොම ඉවරයි..... ඔන්න ඔහොම තමයි දේශනාව පටන්ගත්තේ.

     ඒ දේශනාවේ තාලෙට මගේ දණහිස් දෙකත් යන්තමට වගේ බයිලා ගහන්ඩ පටන්ගත්තා. වටේ පිටේ මිනිස්සු ඔක්කොම වගේ අපි දිහා බලාගෙන. අපි කිවුවට ඉතිං එච්චර ලොකු කට්ටියක් නෙම්. මමයි තව මගේ යාලුවෝ දෙන්නෙකුයි තමයි හිටියේ.

     වෙලාවනං දවල් එකට විතර ඇති. ඒ හින්දම පන්ති ඉවර වෙලා එන කොල්ලෝ කෙල්ලොත් අපි දිහා බලාගෙන. කෑගහන කෙනා එයාගේ දුවත් එක්ක පඩිපෙළ බැහැගෙන එනගමන්. අපි හිටියේ පඩිපෙළේ බාගයක් විතර නැගලා. අපි හිමින් සැරේ යමු කියලා කිවුවත් අපේ එකෙක් එතනිං මාරු වෙලා යන්ඩ ආවේ නෑ. ඒ හින්දම ඉතිං අපි තුන්දෙනාටම එතන ඉන්ඩ වුණා. එතෙන්ට වට වෙච්චි කට්ටිය ඔක්කොම දෙනා අපි දිහාට රවාගෙනමයි හිටියේ.

     ..............බලන්ඩකො අයියේ මුංගේ හැටි මේ පඩිපෙළන් අපි බැහැගෙන එනකොට මහ වනචර විදියටනේ මුං හැසිරුණේ මේ කෙල්ල දිහා බලලා මේකිට පේනඩ මහ ජරා විදියට උගේ කකුල් දෙක ගාව අතගගා මොකද්ද කිවුවනේ.

     ඒ වෙලාවෙනං මගේ ඇස් දෙකත් උඩ ගියා. මොකද එහෙම දෙයක් අපි යන්තං වත් දැක්කේ නෑනේ. හැබැයි අපේ අනිත් එකාගෙනං කට ඒ වෙලාවේ නියමෙට වැඩ කෙරුවා. අපි යන්ඩ හදද්දිත් යන්නේ නැතුව එතන නැවතුණෙත් එයා හින්දම තමයි. ඒ කියන්නේ අපිටත් නොපෙනන විදියට මිනිහා කෙල්ලඩ පේනඩ එහෙම දෙයක් කරලා. මිනිහගේ කටේ කොහේද මුල්ලක හිරවෙලා තිබුණ වචන පේළියක් එකපාරටම කටෙන් එළියට පැන්නා.
නංගි සිප් එක ඇරිලා ඒක වහගන්ඩ.
 මූ එකපාරටම කියලා දැම්මා. අන්න එතකොට තමයි අපි කට්ටියටම කතන්දරේ තේරුණේ.

No comments:

Post a Comment

ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වනං ඔයාලට හිතෙන දේ අමතක වෙන්ඩ කලින් මෙතනම ලියලා දාන්ඩ.......

Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +